අකුණු සැර වැදීමෙන් වයෝවෘද්ධ කතක් මරු දුටු මඩු ඛේදවාචකය

මන්නාරම මඩු කීරිසුත්තාන් ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවක් අකුණු සැර වැදීමෙන් ඊයේ (25) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62 ක් වූ පද්මනාදන් දෙයිවානයි නමැති කාන්තාවක් බව සඳහන් වේ.
වර්ෂාව ආරම්භ වීමට පෙර මෙම කාන්තාව මිදුලට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී ඇය අකුණු පහරට ලක්වී ඇති බව වාර්තා වේ.
අකුණුසැර වැදී බරපතල තුවාල ලැබූ ඇය මඩු රෝහල වෙත රැගෙන යාමේ දී මියගොස් ඇති බව සඳහන් වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මඩු පොලිසිය විමර්ශන විසින් විමර්ශන පවත්වනු ලැබේ.
269 Views
Comments