හදිසි ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණ අවි ඔසවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

හදිසි ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණ අවි ඔසවයි

හදිසි ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණ අවි ඔසවයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ඔහුගේ අනුමැතියෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාරු කිරීමට කිසිම බලයක් නැති බවට සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින්, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක වෙත ලිඛිතව දැනුම් දීමක් සිදු කොට තිබේ.

 

මේ නිසා තමාව ස්ථාන මාරුකිරීමට අදාලව මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊයේ (25) නිකුත් වූ අනීතික නියෝගය පිළිපැදීමට තමන් බැඳී නැති බවත් ඔහු සඳහන් කොට ඇත.

 

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතා මත මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියෙන් තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීම සම්බන්ධව නිකුත් වූ නියෝග සම්බන්ධයෙන් ඔහු මෙලෙස සිය අප්‍රසාදය පළ කොට ඇත.  

 

පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 NLR 25 නඩුවේ තීරණ අනුව අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට තමා බැදී නොමැති බවත්, ඒ අනුව පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ලබා දී ඇති එම ස්ථාන මාරුවීම් නියෝගය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නැති බවත් ඔහු යොමු කළ ලිපියෙහි සදහන් වේ.
 

views

310 Views

Comments

arrow-up