වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කරයි. පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ පොලිසියට අමතරව සිවිල් නිලධාරීන්ද රාජකාරි සඳහා යොදවන බවයි.
එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් සියලු සුරාසැල් අද සිට අනිද්දා දක්වා වසා තැබේ.
මේ අතර හෙට දිනයේ කොළඹ කොටස් වෙළෙදපොළේ කටයුතු දහවල් 12.00 ට අවසන් කරන බවත්, වෙසක් පොහොයට පසු දින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙදපොළේ කාර්ය මණ්ඩලය වෙත අද දිනයේ ලබා දී ඇති බවත් කොළඹ කොටස් වෙළෙදපොළ නිවේදනය කරයි.
400 Views
Comments