සුඩානයේ සිටින සියළු ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

සුඩානයේ රැඳී සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක වන සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී සිටී.
සෞදි අරාබියානු රජය විසින් පෝට් සූඩාන් නගරය තුළ විශේෂ ආරක්ෂිත හෝටලයක එම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර ඇති බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා කියා සිටී.
සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් එම ස්ථානයට පැමිණි විට සුඩානයෙන් පිටවීම සඳහා අවස්ථාව සැලසීමට කටයුතු යොදා ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.
මේ අතර සුඩානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ඉවත් කරගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (26) නිවේදනය කළේය.
එහි රැඳී සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටී.
273 Views
Comments