ශ්‍රී ලංකාවේ වන අලි මරණ සංඛ්‍යාවේ විශාල වැඩිවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ශ්‍රී ලංකාවේ වන අලි මරණ සංඛ්‍යාවේ විශාල වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ වන අලි මරණ සංඛ්‍යාවේ විශාල වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ වන අලි මිය යාම් ඉහළ ගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටී.

 

මේ වසරේ ගත වූ මාස හතර තුළ මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ හේතූන් මත වනඅලි 143 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වන අතර, එම මරණ වෙඩි තැබීම් වලින් සිදු වූ මරණ 37 ක්, විදුලි සැර වැදීම් වලින් සිදු වූ මරණ 27 ක් සහ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් සිදු වූ මරණ 06 ක් වශයෙන් වාර්තා වේ.

 

එමෙන්ම පුද්ගලයින් 36 දෙනෙකු වන අලි පහරදීම් හේතුවෙන් මේ වසරේ ගත වූ මාස හතර තුළ ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වන් අතර, ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් නැගෙනහිර වනජීවි කලාපයෙන් වාර්තා වී තිබේ.

 

එම මරණ සංඛ්‍යාව 13 කි.
 

views

283 Views

Comments

arrow-up