දුම්රිය ගමන් වාර 5ක් අවලංගුයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

දුම්රිය ගමන් වාර 5ක් අවලංගුයි

දුම්රිය ගමන් වාර 5ක් අවලංගුයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, අද (10) මාධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බවය.

 

ස්ථානාධිපති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේනතුව ප්‍රකාශ කරයි. ඒ අනුව නානුඔය සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවන අතර ගනේවත්ත සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා පෙ.ව 3.55 ට ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය අද ධාවනය නොවේ.

 

අනෙකුත් දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර පෙ.ව 3.40 ට අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා පැමිණ හලාවත දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ මීගමුව දක්වා පමණක් ධාවනය කෙරේ. පෙ.ව 4.00 ට කොළඹ කොටුව සිට නූර්නගර් දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය හලාවත දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.

 

නූර්නගර් සිට කොටුව දක්වා ධාවනය වීමට තිබූ මන්දගාමී දුම්රිය අද දිනයේ හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන අතර පෙ.ව 7.00 ට කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවන අතර ඒ හේතුවෙන් පෙ.ව 9.00 ට මීගමුවේ සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කර තිබේ.

 

පෙ.ව 4.30 ට පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවන අතර  ප.ව 6.15 ට හලාවත සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද කොටුව දක්වා ඇති සියලුම දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කිරීමට නියමිතය.

 

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පෙ.ව 4.20 ට හලාවත සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව 6.57ට මොරටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද පානදුර දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර එම දුම්රිය සුපුරුදු නැවතුම් ස්ථානවලට අමතරව දෙහිවල දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ. එය මරදානෙන් පෙ.ව 7.05ට පිටත් වේ.

 

මේ අතර පෙ.ව 5.50ට අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 34 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වන අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ පෙ.ව 6.30 ට වග සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 31ක් ප්‍රමාද වී ධාවනය වේ. මේ අතර පෙ.ව 6.30ට අවිස්සාවේල්ල සිට කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

views

314 Views

Comments

arrow-up