ව්‍යවස්ථාදායක සභාව අද රැස් වේ

අද (03) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී මෙතෙක් සාමාජිකයන් පත් කර නොමැති ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙතෙක් සාමාජිකයන් පත් කර නොමැති මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට ද නියමිත බව සඳහන් වේ.
මෙම සතිය තුළ එම සියලු පත්කිරීම් අවසන් කිරීමටද නියමිත බවද සඳහන් වේ.
245 Views
Comments