සාදයකට ගිය සිසුවිය රේල් පාර දිගේ ආපසු එද්දී සිදුවූ අවාසනාවන්ත දේ

ඊයේ (25), මාතර, නුපේ රේල් ගේට්ටුවත් පඹුරණ දුම්රිය ස්ථානයත් අතර දී, මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ගැටී පාසල් සිසුවියක් මියගොස් තිබෙන බව වාර්තා වේ.
සිසුවිය තවත් මිතුරියන් තිදෙනෙකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර මෙම අනතුරට මුහුණ පා ඇති බැව පැවසේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 15 හැවිරිදි බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.
ඇගේ මෘත ශරීරය මාතර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය විමර්ශන සිදුකරයි.
311 Views
Comments