හොරෙන් නැව් නැගී පැනමා යන්න හැදූ පිරිසට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

හොරෙන් නැව් නැගී පැනමා යන්න හැදූ පිරිසට ඇප

හොරෙන් නැව් නැගී පැනමා යන්න හැදූ පිරිසට ඇප

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස විදේශගත වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිව්දෙනා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

 

එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොවුන් මුදාහැර ඇති අතර ඔවුන් මේ සඳහා යොමු කළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

 

නඩුව යළි වැඩිදුර විභාගය සඳහා ජූනි 20 වනදා කැඳවීමට නියෝග කර තිබේ.

 

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයන් සිව් දෙනෙකි.

 

මොවුන් නීති විරෝධී ලෙස විදේශගත වීමේ අරමුණින් කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ පැනමා රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මාර්තු 24 වන දා හොර රහසේ ඇතුළු වී තිබිණි.

 

පසුව නැවේ සේවකයින් විසින් එම පිරිස නැවේ සේවකයන් නොවන බවට හඳුනා ගැනීමෙන් පසු මාර්තු 26 වන දා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
 

views

248 Views

Comments

arrow-up