පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අද

උදා වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට යෙදී තිබේ. මේ අනුව කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ඨ දේවතා අනුස්මරණයේ යෙදී වාසය කිරීම යෝග්‍ය බව නැකත් චාරිත්‍ර වල සඳහන් වේ.
මෙවර අලුත් අවුරුදු උදාව අනිද්දා (14) දින අපරභාග 2.59 ට සිදුවෙන අතර, එදින පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර ආහාර පිසීමේ නැකත අපරභාග 3.29 යෙදී ඇත.
වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 5.05 ට යෙදී ඇති අතර හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 16 වන ඉරිදා පූර්වභාග 9.41 ට ද, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් 17 වන සඳුදා පූර්වභාග 6.28 ද සිදු කළ යුතු බව නැකත් චාරිත්‍ර වල සඳහන් වේ.
344 Views
Comments