ඕමාන් ව්‍යාපාරිකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක වී නැහැ

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරයකුගේ මැරයන් පිරිසක් විසින් කටාන බඩල්ගම පිහිටි සිය කර්මාන්ත ශාලාවට කඩාවැදී තමාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරු විධිමත් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා නොමැති බව අගතියට පත් ව්‍යාපාරිකයා පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ කටයුතු පිළිබඳ ඇමැති අලි සබ්‍රි මහතා කියා සිටියේ මේ පිළිබඳව ඕමාන් තානාපතිවරයා තමන්ට කරුණු දැක්වූ බවත්, ඒ අනුව තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් ය.
මෙම සිද්ධියට මුහුණ පෑ ආයෝජකයාට ආරක්‍ෂාවක් ලබාදීමට සහ ඔහුට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ද අලි සබ්‍රි මහතා කියා සිටියේය.
250 Views
Comments