නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් දේශීය තේ කර්මාන්තය අර්බුදයක

විදුලි බිල ඉහළ යාම නිසා තේ කිලෝවක් නිෂ්පාදනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවත්, එසේම ඩොලරයේ අගය පහළ ගොස් රුපියලේ අගය ඉහළ යාම නිසා නිමි තේ කිලෝවක් සඳහා ලැබෙන මුදල රුපියල් 200.00 කින් පහළ ගොස් ඇති බවත් තේ වතු අධිකාරීවරුන් කියා සිටී.
පසුගිය මාස කිහිපය තුළ උඩරට තේ කිලෝවක් සදහා ලෝක වෙළෙඳපොලෙන් රුපියල් 1250.00 ක මිලක් ලැබුණු බවත්, මේ වන විට එය රුපියල් 1050.00 දක්වා පහත බැස ඇති බවත් කියා සිටින ඔවුන් පෙන්වා දෙන්නේ, ඩොලරයේ අගය තවදුරටත් පහත බසිමින් තේ මිල තවත් පහළ ගියහොත්, තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වීමට ඉඩ ඇති අතර, සමස්ත කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් ද පවතින බවයි.
273 Views
Comments