ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ සහ වෛද්‍ය ආධාර

ශ්‍රී ලංකාව තුළ අවදානමට ලක් විය හැකි රෝගීන් වෙනුවෙන් තවදුරටත් ඖෂධ සහ වෛද්‍ය ආධාර ලබාගැනීම සඳහා ඇමරිකාවේ මානුෂීය සංවිධාන හා නියෝජිත ආයතන සමග අඛණ්ඩව කටයුතු කරන බව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසා තිබේ.
මේ වනවිටත් වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 27 ක පමණ වෛද්‍ය ආධාර මෙරටට සපයා ඇති බව ඒ මහතා සඳහන් කර ඇත.
පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා එම වෛද්‍ය ආධාර ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රසිද්ධ ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලි සංවිධාන කීපයක් වන Heart To Heart International සහ Hope Worldwide and Americares සමග එක්ව එවැනි ඖෂධ තොග 8 ක් එවා ඇති අතර ඒවා ශ්‍රී ලංකා මුදලින් බිලියන 10 කට ආසන්න බව වාර්තා වේ.
217 Views
Comments