ලංකාවට IMF ණය ගන්න තවත් රටවල් හතරක සහය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහතික කිරීමට තවත් රටවල් හතරක් ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. එලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතික ලබා දී ඇත්තේ සෞදි අරාබිය, පකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් බව ඔහු ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දී ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍යවරයා එක්සත් රාජධානියට පිටව ගොස් ඇති අතර 2023 මාර්තු 15 වන දින එනම් අද දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පොදුරාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) සහභාගී වනු ඇත.
සාමකාමී සහ තිරසාර සමාජයන් ගොඩනැගීමේ අවශ්‍යතාවය, පාරිසරික තිරසාරභාවය තහවුරු කිරීම, ආර්ථික ප්‍රකෘතිය, ආහාර සහ බලශක්තිය යන පොදු අභියෝගයන් පිළිබඳව ඒකාබද්ධව සාකච්ඡා කිරීමට මෙම වසරේ CFAMM හිදී විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ වී කටයුතු කරනු ඇත. මීට සමගාමීව අලි සබ්රි මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් Rt. Hon. James Cleverly මහතා සමග හමුවක් ඇතුළුව සාකච්ඡා කිහිපයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
215 Views
Comments