ඉන්ධන කෝටාව අලුත් වන දිනයේ වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

ඉන්ධන කෝටාව අලුත් වන දිනයේ වෙනසක්

ඉන්ධන කෝටාව අලුත් වන දිනයේ වෙනසක්

ජාතික ඉන්ධන අවසරපත් QR කේතය මගින් ලබා දෙන ඉන්ධන කෝටාව අලුත් වීම  අද (08) සිට නැවත සිදු වන්නේ  සතිපතා සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

මීට පෙර මෙම කෝටාව අලුත් වීම සිදු වුයේ ඉරිදා මධ්‍යම රාත්‍රීයේ සිටය.

 

මෙම නව ක්‍රමවේදය අනුව ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම පාරිභෝගිකයන්ගේ ඉන්ධන කෝටාව අලුත් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

 

සති අන්තවල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කිරීමට ගත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පවසයි.

 

කෙසේ නමුත් ඉන්ධන කෝටාවේ ලබා දී ඇති ඉන්ධන ප්‍රමාණය තවදුරටත් නොවෙනස්ව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටි.

views

272 Views

Comments

arrow-up