ලෙබනනයේ රාජකාරි නිම කළ හමුදා කණ්ඩායමක් යළි පැමිණේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ලෙබනනයේ රාජකාරි නිම කළ හමුදා කණ්ඩායමක් යළි පැමිණේ

ලෙබනනයේ රාජකාරි නිම කළ හමුදා කණ්ඩායමක් යළි පැමිණේ

ශ්‍රී ලංකා යුද හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) රාජකාරී නිමාවෙන් පසුව අද (01) දිවයිනට පැමිණ තිබේ.


 
දිවයිනට පැමිණි
13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ ඥාතීන් පැමිණ සිට තිබේ.


 
නිලධාරීන්
10 දෙනෙකු  සහ සෙසු නිලයන් 115 ක් ඇතුළත් යුද්ධ හමුදාවේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2022 පෙබරවාරි 27වැනිදා ලෙබනනය බලා පිටත්ව යනු ලැබීය.

views

186 Views

Comments

arrow-up