MAR
29
ඇමති කංචන පැවසූ පරිදිම තෙල් සේවකයින් පිරිසක් දොට්ට දමයි

තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයින් ඇතුළු තෙල් සේවකයන් විසි දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වන අතර, ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර සිටී.
ඉන්ධන බෙදාහැරීම කඩාකප්පල් කිරීමේ චෝදනා මත ඔවුන් මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වන අතර, විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන්ට තෙල් සංස්ථා භූමියට ඇතුලු වීම ද සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති බව වාර්තා වේ.
288 Views
Comments