APR
19
බුලත් කොටුවක් මැද සරුවට හැදු නාරම්මල කංසා හේන

බුලත් කොරටුවක් සහ මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් නාරම්මල මුරුතැන්ගේ ප්‍රදේශයේ ඉඩමක සරුවට වගා කර තිබුණු ගංජා හේනක් වැටලීමට නාරම්මල පොලිසිය ඊයේ (18) සමත් වූ බව වාර්තා වේ.
මෙම ඉඩමේ, ඉඩම් හිමියා විසින් ගංජා වගා කර ඇති අතර පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමා මෙම ඉඩමේ වගා කළ බුලත් යම් රෝගයක් හේතුවෙන් විනාශ වීමෙන් අනතුරුව ගංජා වගා කිරීමට තීරණය කළ බවයි.
මෙම ඉඩමේ ගංජා ගස් 200 ක් පමණ වගා කර තිබූ බව පොලිසිය පවසා සිටී.
352 Views
Comments