APR
19
මත්කරල් තොගයක් සමග අයෙක් කටුනායකින් අල්ලයි

හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන් විකල්පයක් ලෙස භාවිතා කරන මත්කරල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුගේ ගමන් මලුවල තිබී මත්කරල් 60,000 කට වැඩි ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබූ අතර, මොහු ඉන්දියාවේ සිට පැමිණ ඇති බව සඳහන් වේ.
මෙම සැකකරු දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව අනාවරණය වී ඇත.
284 Views
Comments