APR
19
එගොඩ උයනේ දී හෙරොයින් සමග සැකකරුවෙක් දැලේ

එගොඩ උයන පොලිස් නිලධාරීන්ට ඊයේ (18) දින ලද තොරතුරකට අනුව එගොඩ උයන හන්දියේ දී සිදු කරන ලද වැටලීමක් මගින් හෙරොයින් ග්‍රෑම් 06 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන පුද්ගලයෙක් බව සඳහන් වේ.
ඔහු අද (19) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර එගොඩ උයන පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
288 Views
Comments