APR
26
මාවතගම යතුරුපැදි අනතුරකින් කාන්තාවක් මරු දකී

මාවතගම, යටිවිල්ල ප්‍රදේශයේ ඊයේ (25) සවස් කාලයේදී යතුරු පැදි අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ.
මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ පෙරලී ගොස් ඇති බව සඳහන් වේ.
අනතුරෙන් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලැබීමෙන් අනතුරුව මාවතගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසා සිටී.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කැන්දවල, මැල්සිරිපුර පදිංචිව සිටි වයස අවුරුදු 21 ක් වූ පසුපැදිකාරිය මියගොස් ඇති බව වාර්තා වේ.
290 Views
Comments