ඇලකට වැටී පුද්ගලයෙක් මිය ගිය හඟුරන්කෙත ඛේදවාචකය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

ඇලකට වැටී පුද්ගලයෙක් මිය ගිය හඟුරන්කෙත ඛේදවාචකය

ඇලකට වැටී පුද්ගලයෙක් මිය ගිය හඟුරන්කෙත ඛේදවාචකය

හඟුරන්කෙත, පිලපිටිය ප්‍රදේශයේ ඇලකට වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව ඊයේ (25) දින හඟුරන්කෙත පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.

 

මෙසේ මියගොස් ඇත්තේ හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 ක් වන පුද්ගලයෙකු බව සඳහන් වේ.

 

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 24 වනදා රාත්‍රී කාලයේ දී සහෝදරියගේ නිවසට යන අතරතුර මොහු ඇළට වැටී ඇති බවයි.

 

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන හඟුරන්කෙත පොලිසිය විසින් සිදු කෙරේ.
 

views

286 Views

Comments

arrow-up