දකුණු පළාත පුරා මංකොල්ල කෑ කල්ලියක් මත්තලදී පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

දකුණු පළාත පුරා මංකොල්ල කෑ කල්ලියක් මත්තලදී පොලිස් දැලේ

දකුණු පළාත පුරා මංකොල්ල කෑ කල්ලියක් මත්තලදී පොලිස් දැලේ

ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, මත්තලදී රන්මාල කොල්ලකෑම සහ ගෙවල් බිඳීම ඇතුළු ක්‍රියාවන් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ගෙල බැඳි රන් මාල කොල්ල කෑම් හා ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීම් වලට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් වන අතර, මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් ග්‍රෑම් 09 යි මිලිග්‍රෑම් 100 ක්ද, රන්මාල 01 ක්, රන්මුදු 02 ක්, පංචායුධ 01 ක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් ද ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම සැකකරුවන් බරවකුඹුර හා සෙල්ලකතරගම පදිංචි අයවලුන් වන අතර අවුරුදු 26 සහ 27 වයස් සීමාවල පසුවන බව සඳහන් වේ.

 

සැකකරුවන් විසින් සූරියවැව, බෙලිඅත්ත, අඟුණුකොළපැලැස්ස සහ මත්තල ප්‍රදේශවල දී මෙම කොල්ලකෑම සිදුකර ඇති බව සඳහන් වේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මත්තල පොලිසිය විසින් සිදු කෙරේ.

 

views

349 Views

Comments

arrow-up