අතුරුගිරියේ ලී වෙළෙඳසැලක් තුළ අමානුෂික පුද්ගල ඝාතනයක්

අතුරුගිරිය පොලිස් වසමේ ගොඩගම පාර, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක ඊයේ (02) දින කාර්යාල කාමරය අසල කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයකු හිසේ තුවාල සහිතව වෙළෙඳසැල තුළ සිහිසුන්ව වැටී සිටින බවට අතුරුගිරිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
වෙළෙඳසැල තුළ මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක් වූ එම වෙළෙඳසැලේ හිමිකාරිය බව සඳහන් වේ.
තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු පනස් දෙකක් වූ මයිලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) දින සිදුකිරීමට නියමිතය.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.
බරපතල තුවාල ලැබූ තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
300 Views
Comments