කුවේටයේදී මිය ගිය ශ්‍රී ලාංකික කතගේ මරණය ගැන සැකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

කුවේටයේදී මිය ගිය ශ්‍රී ලාංකික කතගේ මරණය ගැන සැකයක්

කුවේටයේදී මිය ගිය ශ්‍රී ලාංකික කතගේ මරණය ගැන සැකයක්

කුවේට් රාජ්‍යයේ වසර 7 කට වැඩි කාලයක් ගෘහ සේවයේ නිරතව සිට නැවත මෙරටට පැමිණීමට සූදානමින් සිටි දිනයේදීම ගෘහ සේවිකාවක් ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීම ඝාතනයක් බවට සැකකරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කරයි.

 

මාතලේ, යටවත්ත, මරගස්යාය, උඩස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පී.ජී.අනෝමා නමැති එක් දරු මවක් මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඇය පසුගිය අප්‍රේල් 25 වනදා මෙරටට පැමිණීමට නියමිතව සිට ඇත. එහෙත් පවුලේ ඥාතීන් විසින් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ඇය එරට ගුවන් තොටුපළෙන් පිටවී නොමැති බවටයි.

 

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මේ පිළිබඳ සොයා බැලීමේදී ඇය සියදිවි හානිකරගෙන තිබූ බවට අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ කොළඹ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙලෙස විදෙස්ගත වන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිදුවන හිරිහැර පිළිබඳව තානාපති කාර්යාලය විසින් නිසි සැලකිල්ලක් දැක් විය බවයි.

 

මේ අතර සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක් වූ ආදිවාසී තරුණියක් ඊයේ දිවයිනට පැමිණ තිබේ.

views

351 Views

Comments

arrow-up