2023 ජුනි 15 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 15 - අද දවසේ වැදගත්ම පුවත්
01. ඩොලරය ඉහළ යාමට හේතුව
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේත් තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/bewsN79744b
02. පාන් අඩු කරන්නේ නෑ
අද (15) දිනයේ දී පාන් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුණත් එය සිදුනොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yuoeN79746s
03. බිලියන 15ක දුම්වැටි තොගයක් විනාශ කෙරේ
නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි මිලියන 200ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybewN79739w
04. පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයකු හොරණ පෝරුවදන්ඩ මගුරුවෙල මාර්ගයේදී පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/boneN79738b
05. ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති අතර ජූනි මස 15 සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරේ.
පුවත කියවන්න
https://aayubo.com/si/Education/aonsN79737y
06. අහසට වෙඩි තැබූ සජබ සංවිධායක අත්අඩංගුවට
පී. ඩී අබේරත්න නම් අදාළ ආසන සංවිධායකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abwsN79698w
07. පදවිය රෝහලේ රුධිර පෙරණ හිඟයක්
පෙරණවල හිඟය පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කර ඇති බව උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර සඳහන් කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubesN79700u
08. රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍ර 10 ක් අක්‍රියයි
තවත් රෝහල් 3ක CT ස්කෑන් යන්ත්‍රවලින් උපරිම ධාරිතාව ලබාගත නොහැකි බවද එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auonN79702o
09. පුතාට මත් කුඩු ගෙනා මව අත්අඩංගුවට
කළුතර බන්ධනාගාරයේ රැදවියකුට මත්කුඩු රැගෙන පැමිණි ඔහුගේ මව අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayusN79710n
10. දරුවන් මහණ කරන්න අවම වයස් සීමාවක්
දරුවන් සසුන්ගත කිරීමේ වයස් සීමාව තීරණය කිරීම සඳහා මහානායක හිමිවරුන්ට පවරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පුවත කියවන්න
356 Views
Comments