අහසට වෙඩි තැබූ සජබ සංවිධායක අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

අහසට වෙඩි තැබූ සජබ සංවිධායක අත්අඩංගුවට

අහසට වෙඩි තැබූ සජබ සංවිධායක අත්අඩංගුවට

හොරණ පෝරුවදන්ඩ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අහසට වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

පී. ඩී අබේරත්න නම් අදාළ ආසන සංවිධායකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

 

ඔහුව අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය. 

views

255 Views

Comments

arrow-up