JUN
08
‘‘රනිල් චරිතාපදානය‘‘ එළිදකී

"රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය" ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණය ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළිදැක්විණි.
මෙම අවස්ථාවට එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජනාධිපති ලේකම් සමන් ඒකනායක,හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දිනේෂ් වීරක්කොඩි ලියූ එම ග්‍රන්ථයේ පළමු මුද්‍රණය 2017 වසරේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.
273 Views
Comments