JUN
01
අනවශ්‍ය පුද්ගලයින්ට යෙදූ පොලිස් ආරක්ෂාව ඉවතට

අනවශ්‍ය පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් එම රාජකාරීවලින් ඉවත්කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
මේවන විට 5,400ක පමණ පොලිස් නිලධාරින් පිරිසක් මෙසේ පුද්ගලයින්ට හා ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර අමාත්‍යවරයා පොලිස්පතිට දැනුම්දී ඇත්තේ එම පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව අවශ්‍ය දැයි සොයාබලා තක්සේරු කරන ලෙසය.
216 Views
Comments