කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ

ජූලි මස 15වන දින සිට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහව - ඕමන්තේ දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂක අශෝක මුණසිංහ මහතා පැවසුවේය.
දුම්රිය මාර්ගයේ සිදුවන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවන්නේ කොළඹ සිට අනුරාධපුරය දක්වා පමණි.
අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ලබන මස අවසන් කිරීමට හැකි බැවින් කොළඹ සිට යළිත් වරක් කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවන කටයතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
289 Views
Comments