මීරිගමින් පණුවන් ගැසූ රටඉඳි තොගයක් හමුවේ.

අද (18) ගම්පහ පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිළධාරීන් පිරිසක් සිදුකළ වැටලීමක දී කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් සොයාගෙන තිබේ.
මීරිගම කල්එලිය ප්‍රදේශයේ කේක් නිෂ්පාදනය සඳහා පළතුරු සකස් කරන ආයතනයක තිබී මෙම කල් ඉකුත් වූ හා පණුවන් සහිත රට ඉඳි තොගය හමුවිය.
වැටලීම සිදුවන අවස්ථාවේ ද එහි නිෂ්පාදන කටයුතු සිදු වෙමින් පැවතියේ ය.
මෙහි සකස් කරන ලද පලතුරු, කේක් සෑදීම සදහා කල්මුනේ ප්‍රදේශයටත් අවට ප්‍රදේශ වල බේකරි සහ වෙළදසැල් වලට ද බෙදාහැර ඇති බව අනාවරණය විය.
නිළධාරීන් විසින් අයිතිකරුට එරහිව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලදි.
335 Views
Comments