මුහුදු හක් බෙල්ලන් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

මුහුදු හක් බෙල්ලන් සමග 4 දෙනෙකු අත්අඩංගුවට

මුහුදු හක් බෙල්ලන් සමග 4 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට යැවීමට සූදානම් කර තිබූ මුහුදු හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

 

එලෙස ඉන්දියාවට යැවීමට සූදානම් කර තිබූ අජීවී මුහුදු හක් බෙල්ලන් සංඛ්‍යාව 2,606කි.

 

එහිදී හක් බෙල්ලන් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ බෝට්ටුවක් සහ ලොරි රථයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.  

 

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 23ත් 34ත් අතර වයස්වල පසුවන කල්පිටිය සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද පුත්තලම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

289 Views

Comments

arrow-up