පාසල් දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කෙරේ

දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා අදාල සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.
එමෙන්ම වෙසක් පොහොයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට මෙම පියවර ගත් බවත්, මෙමගින් දහම් පාසල් නොයන දරුවන් හඳුනා ගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීමට ද අවධානය යොමුව ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
466 Views
Comments