ඇඹිලිපිටිය රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ අර්බුදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

ඇඹිලිපිටිය රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ අර්බුදයක්

ඇඹිලිපිටිය රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ අර්බුදයක්

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ළමා ඒකකයේ ඉන්කියුවේටර් යන්ත්‍ර 11 න් 7 ක් අක්‍රීය වීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ. ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ප්‍රකාශ කර සිටී.

 

සබරගමුව, දකුණ සහ ඌව යන පළාත් 3 ම ජනතාව ප්‍රතිකාර කටයුතු සඳහා මෙම රෝහලට පැමිණියද අත්‍යවශ්‍ය ප්‍රතිකාර කටයුතු ඉටුකර ගැනීමට හැකියාවක් නොමැති වීම ගැටළුවක් බවත්, දෛනික රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අති විශාල බවත් ඔහු සඳහන් කර සිටියේය.

 

රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ කටයුතු දැඩි ලෙස අක්‍රීය වීම හේතුවෙන් ප්‍රමාණවත් සේවාවක් ලබා දීමට නොහැකිවී අති බවත් ඔහු සඳහන් කළේය.

views

299 Views

Comments

arrow-up