පවුල් ආරවුලක් විසඳාගත නොහැකිව හලාවතදී සැමියා විසින් බිරිඳ පැහැරගනී

පවුල් ආරවුලක් මත වෙන්ව ජීවත් වූ විවාහක තරුණියක්, ඇයගේ සැමියා විසින් තවත් කිහිප දෙනෙකුගේ සහය ඇතිව පැහැරගෙන ගොස් තිබේ.
සැමියා අතැර හලාවත, මනුවන්ගම ප්‍රදේශයේ පිහිටි සිය දෙමාපිය නිවසේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණියක් මෙලෙස නිවසට කඩා වැදුණු ඇගේ සැමියා සහ තවත් පස් දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් වෑන් රථයකට දමා ගෙන ගොස් ඇත.
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඇයගේ මව පමණක් වන අතර තරුණිය රැගෙන යාම වැළැක්වීමට මැදිහත් වූ මවටද ඔවුන් පහර දී තිබේ.
තරුණිය හලාවත ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා ඇති බවත් උපකාරක පන්තිවලට ගොස් සිටියදී 19 හැවිරිදි ඇගේ සැමියාව හමුවී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රහසේ විවාහ වී කෙටි කලක් දඹුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය පසුගියදා යළි තම නිවසට පැමිණ ඇත්තේ සැමියාගේ හිරිහැර ඉවසාගත නොහැකිව තිබියදීය.
342 Views
Comments