අකුරලදී මුහුදේ ගසාගෙන ගිය සිසුවාගේ සිරුර හමුවෙයි

අම්බලන්ගොඩ අකුරල වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී රළ පහරකට හසුවී අතුරුදහන් වූ සිසුවාගේ සිරුර අකුරල වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ මීටියාගොඩ වෙදවත්ත ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙක් බව සඳහන් වේ.
මියගිය සිසුවා තවත් සිසුන් දෙදෙනකු සමග මුහුදේ දිය නාමින් සිටියදී තිදෙනාම මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර අනෙක් සිසුන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරා ගනු ලැබුව ද, මෙම සිසුවා මුහුදේ ගසාගෙන ගොස් අතුරුදහන් වී තිබේ.
බේරා ගත් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන් දෙදෙනාගේ තත්ත්වය ද බරපතල බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.
අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙම සිසුන් තිදෙනා මිතුරකුගේ නිවසකට යන බව තම නිවෙස් වලට දන්වා මුහුදේ දිය නෑමට ගොස් තිබූ බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදු කෙරේ.
237 Views
Comments