"ප්‍රවේශම්වන්න" - අධික උණුසුම නිසා මානසික රෝග වලට ගොදුරු විය හැකියි

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යමේ සම්භාවිතාවක් ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසා තිබේ.
මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ අවදානමක් ඇති අතර මෙය නොයෙකුත් අපරාධවලට හේතුවක් විය හැකි බැවින් මේ තත්ත්වය අවධානයට ලක් විය යුතු බව ඔහු සඳහන් කරයි.
මීට අමතරව මානසික රෝග සඳහා බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් ඒ නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් ඒ මහතා පවසයි.
අධික උණුසුම හේතුවෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවිය හැකි බැවින් දරුවන්ට අධ්‍යාපනික ගැටළු ඇති විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කොට ඇත.
308 Views
Comments