ලිහිසි තෙල් හා ග්‍රීස් නිෂ්පාදකයින්ට ලිස්සා යන්න බැරි නව නීති

ලිහිසි තෙල් හෝ ග්‍රීස් නිෂ්පාදනය සහ ආනයනය කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ වන නියමයන්ට අනුකූලව බලපත්‍රයක් ලබා ගත යුතු බව දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයේ දක්වා ඇත්තේ ලිහිසි තෙල් හෝ ග්‍රීස් අලෙවි කිරීමේදී අදාල බලපත්‍රයේ අංකය ලේබලයේ සටහන් කළ යුතු අතර එසේ නොමැතිව එම ද්‍රව්‍ය ගබඩා කිරීම, ඇසුරුම් කිරීම හෝ විකිණීම සිදු නොකළ යුතු බවයි.
279 Views
Comments