තන්තිරිමලේදී බස් - තිරික්කල් අනතුරකින් සිදු වූ විනාශය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

තන්තිරිමලේදී බස් - තිරික්කල් අනතුරකින් සිදු වූ විනාශය

තන්තිරිමලේදී බස් - තිරික්කල් අනතුරකින් සිදු වූ විනාශය

මන්නාරමේ සිට පුත්තලම ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වීම සඳහා පුද්ගලයින් පිරිසක් රැගෙන ගොස් තිබෙන බස් රථයක් සහ මඩු වන්දනාවේ යමින් සිටි තිරික්කල් පහක් තන්තිරිමලේ වැව් බැම්ම මතදී ගැටී අනතුරක් සිදු වී ඇති බව වාර්තා වේ.

 

මෙම අනතුරින් ළමයෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් අසල සිටි ගවයින් හතර දෙනෙකු ද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටී.

 

බස් රථයේ රියදුරු ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

 

බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 

views

271 Views

Comments

arrow-up