අර්ජුන රණතුංගට එරෙහිව බරපතල චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

අර්ජුන රණතුංගට එරෙහිව බරපතල චෝදනාවක්

අර්ජුන රණතුංගට එරෙහිව බරපතල චෝදනාවක්

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා තම ධුරයෙන් ඉල්ලා අස් වන බවට දැනුම් දෙමින්,  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇති බව වාර්තා වේ.

 

ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත්කර, එහි සභාපති ධුරයට පත් වීමට අර්ජුන රණතුංග මහතාගේ සූදානමක් පවතින බව එම ලිපියෙන් හෙළි කොට සිටින චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් කියා සිටින්නේ, එම කටයුත්තට තමන් බාධාවක් බැවින් ඔහුගේ ඥාති පුත්‍රයෙක් ලවා තම බිරිඳට දුරකථන ඇමතුම් හරහා මරණීය තර්ජන එල්ල කොට ඇති බවයි.

 

මේ පිළිබඳ ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද, අර්ජුන රණතුංග මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව අධිකරණය වෙත සාක්ෂි සහිතව වාර්තා කිරීමට තමන් අදහස් කරන බවද ඒ මහතා තම ලිපියෙහි සඳහන් කොට තිබේ.

 

කෙසේ වුවත්, මෙම ඉල්ලා අස්වීම පිළිනොගන්නා බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

views

197 Views

Comments

arrow-up