පෙට්‍රල් ලාබ වුණත් ත්‍රීවීල් හයර් අඩු කරන්න පුළුවන් කිලෝමීටරයට රුපියත් තුනයි ලු

පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 60 කින් අඩු කර ඇති නිසා කිලෝ මීටරයකට රුපියල් 10 කින් ත්‍රිරෝද රථ ගාස්තු පහත දමන ලෙස කෙරෙන ඉල්ලීම කිසිසේත්ම සාධාරණ නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා කියා සිටී.
වර්තමානයේ පෙට්‍රල් ලීටරයකින් ත්‍රීරෝද රථයක් ධාවනය කළ හැක්කේ කිලෝ මීටර් විස්සක් පමණ බවත්, ඒ අනුව කිලෝමීටරයකට අඩු කළ හැකි උපරිම මුදල රුපියල් තුනක් පමණක් බවත් ඔහු කියා සිටී.
අද වන විට ත‍්‍රීරෝද රථ හයර් අඩු වීම නිසා තම කර්මාන්තය කඩා වැටී ඇති බව ද ඔහු කියා සිටින නමුත්, පළවෙනි කිලෝමීටරය සදහා රුපියල් 100 ක් හා එතැන් සිට කිලෝ මීටරයක් සඳහා රුපියල් 80 ක් ලෙස ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වේ.
290 Views
Comments