බූරු මූණාට පැනගන්න උදවු කළ පිරිසට ඇප නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

බූරු මූණාට පැනගන්න උදවු කළ පිරිසට ඇප නෑ

බූරු මූණාට පැනගන්න උදවු කළ පිරිසට ඇප නෑ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණාට කටුනායක ගුවන්තොටුපොල පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට සහය දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි භික්ෂූන් වහන්සේ දෙනම ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන මස 04 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් සියන් තිසේරා මහතා නියෝග කර තිබේ.

 

සැකකරුවන් අද යළි අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට ඇප ලබාදීම මෙසේ ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

 

පසුගිය පෙබරවාරි මස 24 වන දා විදේශගතවීමට කටුනායක ගුවන් තොටුපොලට පැමිණි බුරු මූණා හෙවත් රවිඳු සංඛ ද සිල්වා ආගමන විගමන නිලධාරීන් විසින් රඳවාගෙන කටුනායක ගුවන්තොටුපල පොලිසිය භාරයට පත්කර තිබුණි.

 

පොලිස් අත්අඩංගුවේ පසුවන අතරතුර සැකකරු පලාගොස් තිබූ අතර ඊට සහය වූ බවට සැකපිට භික්ෂූන් වහන්සේ දෙනම ඇතුළු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

views

199 Views

Comments

arrow-up