අවුරුදු නෑගම් යන්න ගොස් කළුතරදී දැවී අළු වූ ත්‍රීරෝද රිය

අලුත් අවුරුද්දට නෑගම් ගිය පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් ගිනි ගෙන දැවී අළු වී ඇතැයි දකුණු කළුතර පොලිසිය පවසා සිටී.
මෙසේ ගිනි ගෙන දැවී ඇත්තේ අගලවත්ත ප්‍රදේශයට අලුත් අවුරුදු නෑගම් ගිය ත්‍රීරෝද රථයක් බව සඳහන් වේ.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති අතර, කළුතර කටුකුරුන්ද හන්දියේදී හදිසියේ රථය ගිනි ගෙන ඇති බව සඳහන් වේ.
ගින්න නිවා දැමීම සඳහා කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථයක් සමගින් ගිනි භටයින් සිව් දෙනෙකු සහභාගි වී ඇතත්, ඔහුන් පැමිණෙන විටත් රථය මුළුමනින්ම දැවී ගොස් තිබූ බව පොලිසිය පවසා සිටී.
කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බව පොලිසිය සැක පළ කර සිටී.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කළුතර දකුණ පොලිසිය විසින් සිදු කෙරේ.
307 Views
Comments