රන්බඩු පැහැරගන්න ළිඳුල වතුයායක මහළු මවක් ඝාතනය කළ ඛේදවාචකය

ළිඳුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ සිව්දරු මවක් ඝාතනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ කරාබු යුගළ පැහැරගෙන ගොස් ඇති පුවතක් වාර්තා වේ.
68 හැවිරිදි වෙන්ගඩාසලම් සත්‍යභාමා නමැති එම කාන්තාව තම දියණියගේ නිවසේ රැඳී සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
පොලීසිය පවසා ඇත්තේ අද උදෑසන ඇයගේ දියණිය සහ බෑණා රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි මිණිබිරියද නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර ඇති බව ය.
292 Views
Comments