හම්බන්තොට විහාරස්ථානයක ආවාස ගෙය කැඩූ පිරිස දැලේ

හම්බන්තොට කුඩාඉදිවැව ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස ගෙය බිඳ එහි තිබූ රුපියක් ලක්ෂ 20 ක මුදලක් හා රන් ආලේපිත බුදු පිළිමයක් කොල්ලකෑමේ සිද්ධියට අදාලව සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුගිය මස 28 වනදා සැකකරුවන් එය කොල්ලකා තිබුණේ ආවාස ගෙයි සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ අත් පා ගැට ගසා තබමින් බව පොලිසිය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව සූරියවැව සහ මත්තලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් සන්තකයේ තිබී කොල්ලකන ලද අඟල් 4 ක් පමණ උසැති රන් ආලේපිත බුදු පිළිමය ද පොලිසිය විසින් සොයා ගෙන ඇති බවත් සඳහන් වේ.
248 Views
Comments