පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු පළා යාම ගැන පොලිස් විමර්ශනයක්

ගම්පොළ ළමා නිවාසයක පරිවාස නිලධාරීන් භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ඉන් පළා යාම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම ළමා නිවාසයේ පාලිකාව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටී.
වයස අවුරුදු 15 ක පමණ දැරියක සහ වයස අවුරුදු 9 ක දැරියක් මෙලෙස ඉන් බැහැරව ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා සහෝදරියන් බව පොලිසිය සඳහන් කරයි. මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව මොවුන් පසුගිය 10 වනදා සිට පරිවාස භාරයට පත් කර තිබුණු බව වාර්තා වේ.
297 Views
Comments