මාදුරුඔය ඉසෙඩ් ඩී ඇළට වැටී අලියෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇළට වැටී අලියෙක් මිය යයි

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇළට වැටී අලියෙක් මිය යයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මාදුරු ඔය ජලංශයෙන් වගා බිම් වලට ජලය ගෙන යනු ලබන ඉසඩ් ඩී ඇළට වැටී ජල පාලක දොරටුවක් තුළ සිරවී මිය ගිය වන අලියෙකු ගොඩ ගැනීමට පිඹුරත්තෑව අඩවි වන ජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ සමත් වී තිබේ.

 

මාදුරුඔය රක්ෂිතයේ සිට ආහාර සොයා ගම් වදින වන අලියෙකු මීට දින 3 ට ඉහත දී මෙම ඇළට වැටී මියගොස් තිබූ බවත් මියගොස් සිටි වන අලියා වයස අවුරුදු 20 ත් 25 ත් අතර පසුවන බවත් අරලගංවිල දඹගහඋල්පත ප්‍රදේශවාසීන් විසින් ඉසෙඩ් ඩී ඇලෙහි ජලය භාවිත කිරීමේදී එම ජලයේ යම් කිසි දුර්ගන්ධයක් සහිත වීම හේතුවෙන් ඒ පිළිබඳ පිඹුරත්තෑව වනජීවි කාර්යාලයට සඳහන් කළ අවස්ථාවේ සොයා බැලීමේදී මේ පිළිබඳ දැනගන්නට හැකිව ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

 

වන අලියා ගොඩ ගැනීමේ මෙහෙයුමක් ඊයේ දහවල් ආරම්භ ‌වී ඇති අතර අලියා සිරව සිටි ජල පාලක ගේට්ටුව සම්පූර්ණයෙන්ම විවෘත කොට අලියා ඉන් ඉවතට යාමට සලස්වා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් අලියාගේ සිරුර ගොඩ ගත් බව වාර්තා වන අතර මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ වනජීවි නිලධාරීන් විසින් සිදු කළ අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු පිඹුරත්තෑව අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

views

293 Views

Comments

arrow-up