මෙරට සියළු දරුවන්ගේ පෝෂණ මට්ටම පහළට

ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසරේදී ළමයින්ගේ සියළුම ප්‍රධාන පෝෂණ තත්ත්ව දර්ශකයන් පහත බැස තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම පිළිබඳ සිදු කරන ලද නිල සමීක්ෂණයේ තොරතුරු උපුටා දක්වමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටී.
මේ අනුව අවුරුදු 5 ට අඩු දරුවන් අතර වයසට සරිලන උස නොමැති වීම, උසට සරිලන බර නොමැති වීම, අඩු බර දර්ශක තවදුරටත් පහත බැස තිබෙන බවත්, අඩු බර ළමයින්ගේ ප්‍රතිශතය පෙර වර්ෂයට සාපේක්ෂව 15.3 % දක්වා ඉහළ ගොස් ඇති බවත්, වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය 9.0% දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.
2021 වසරේදී 8.2% ක්ව පැවති උසට සරිලන බර නොමැති අවුරුදු 5 ට අඩු දරුවන් සංඛ්‍යාව 10.1% දක්වා ඉහළ ගොස් ඇති බවත්, 2021 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී අධිබර දරුවන් සංඛ්‍යාව 0.2% කින් අඩුවී ඇති බවත් මහ බැංකුව සඳහන් කර සිටී.
වයසට සරිලන උසක් නොමැති අවුරුදු 5 ට අඩු දරුවන් වැඩිම සංඛ්‍යාවක් සහ අඩු බර ළමුන් වැඩිම සංඛ්‍යාවක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් මහ බැංකුව සඳහන් කර සිටී.
355 Views
Comments