මෙරටට තෙල් බෙදන්න එන විදෙස් සමාගම් තවත් මසක් ඇතුළත පැමිණේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

මෙරටට තෙල් බෙදන්න එන විදෙස් සමාගම් තවත් මසක් ඇතුළත පැමිණේ

මෙරටට තෙල් බෙදන්න එන විදෙස් සමාගම් තවත් මසක් ඇතුළත පැමිණේ

නව විදේශීය ඉන්ධන සේවා ක්‍රියාකරුවන්ට ලබා දීම සඳහා ඉන්ධන පිරවුම්හල් 450 ක් 150 බැගින් වූ කණ්ඩායම් 3 කට වර්ග කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා තිබේ.

 

 

ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් සහ කළමණාකාරීත්වය සමග පැවති සාකච්ඡාවේදී අනාවරණය වී ඇත්තේ  මසක් ඇතුළත නව විදේශීය ඉන්ධන සේවා ක්‍රියාකරුවන් ශ්‍රී ලංකා ඉන්ධන වෙළෙඳපොළට පැමිණෙන බවයි.

 

 

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අද (4) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ කළමනාකාරීත්වය හමු වූ අවස්ථාවේදීය.

 

 

අනතුරුව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නව සැපයුම්කරුවන්ට ලබා දීමට නියමිත ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් සහ කළමණාකාරීත්වයේ පළමු කණ්ඩායම් දෙක තමා හමු වූ බවයි.

 

 

ඒ අනුව චීනයේ Sinopec, ඕස්ට්‍රේලියාවේ United Petroleum සහ එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks යන විදේශීය සමාගම් තුනකට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන බලපත්‍ර ලබා දී තිබේ.

views

253 Views

Comments

arrow-up