කොටි වළදැමූ රන් හොයන්න ගිහින් කරදියනාරු වලදී හතරක් කොටු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

කොටි වළදැමූ රන් හොයන්න ගිහින් කරදියනාරු වලදී හතරක් කොටු

කොටි වළදැමූ රන් හොයන්න ගිහින් කරදියනාරු වලදී හතරක් කොටු

කරදියනාරු ප්‍රදේශයේ සඟවා ඇති බවට සැකකරන LTTE සංවිධානය විසින් යුද සමයේ වලදැමූ රන් භාණ්ඩ ලබාගැනීම සඳහා කණ්ඩායමක් උත්සාහ කරන බවත්, එලෙස රන්භාණ්ඩ ලබාගැනීමට උත්සාහ කරන කණ්ඩායම අතර හුවමාරු වූ දුරකථන ඇමතුමක හඬපටයක්ද තිබෙන බවත් වාර්තා වේ.

 

ඒ අනුව මේ පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම්දීමෙන් අනතුරුව, එහි අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත වව්නතිව් කඳවුරේ නිලධාරීන් පිරිසක් එම කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට සැලසුමක් සකස්කළ අතර සැකකරුවන් පිරිස කරදියනාරු ප්‍රදේශයට මෝටර් රථයකින් පැමිණෙන අතරවාරයේ, ඔවුන් පසුපස සූක්ෂම ලෙස විශේෂ කාර්ය බලකා නිලධාරීන් ගමන්ගන්නේ එම සැලසුමට අනුවය. ඒ අතරතුර සැකකරුවන් එලිමහන් ස්ථානයකදී මෝටර් රථයෙන් බැස ස්කෑනරයක් මගින් එහි පොළොව පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැකකරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ ඒ අතර මිරිහාන පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බවත්, ඔහු නිවාඩු ලබා මෙම කණ්ඩායම හා එක්ව ඇති ඔහුට පැවරී ඇති කාර්යය වන්නේ, මාර්ග බාධකවලදී කණ්ඩායම පරීක්ෂාවට ලක් නොකර රැගෙන යාම  බවද මෙහිදී අනාවරණ වී තිබේ.

 

මෙහිදී සැකකරුවන් පිරිස පැමිණි මෝටර් රථය හා ඔවුන් රැගෙන ආ ස්කෑනරය විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගත් අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

views

264 Views

Comments

arrow-up